ස්වපීඩක මනෝකායික චිකිත්සාව - masochism Psychotherapy

ස්වපීඩක කාම ආශ්වාද කලාව එකිනෙක අයගේ කාමුකත්වය සම්බන්ධ හැඟීම් ආශාවන් විවිධයි, විසමයි, විචිත්‍රයි. එය මේ කාම මායා ලොකයේ ස්වභාවයයි. බොහෝ දෙනෙක් අඹු සැමියන් ලෙස එක්වන සාමාන්‍ය ලිංගිකත්වයට කැමති වුවද ඇතමුන් වෙනත් විවිධාකාරයේ ආශාවන් හිත මත දරාගෙන ඒවා කියාගත නොහැකිව කාම හැඟීම් වලින් මුසපත්ව බොහෝ චිත්ත පීඩා විඳිමින් අසරණව සිටිනු අප කොතෙකුත් දැක ඇත. එම තත්වයන් උත්සන්නවී මානසික රෝගී තත්වයන්ටද වැටෙන අවස්ථා කොතෙකුත් ඇත. අප හඳුන්වාදෙන 'ස්වපීඩක මනෝකායික චිකිත්සාව' යනු එක්තරා පිරිසකට එම තත්වයන්ගෙන් මුදාලීමට උපයෝගී කරගන්නා වූ සාමාන්‍ය මනෝපක්‍රමවේදයකි. වහල්කාමුකත්වය, ස්වපීඩා කාමුකත්වය වගේ දේවල් අසම්මත අහිංසක අපගාමී ලිංගික චර්‍යා ගනයටයි පොදුවේ වැටෙනුයේ. 'මැසොචිසම්' (masochism) යනුවෙන් හැඳින්වෙන මෙයින් වෙනත් කෙනෙකුගෙන් තමාට හිංශා පීඩා ලබමින් දාසයෙකු මෙන් යටහත් පහත්ව හැසිරීමට දක්වන ලිංගිකත්ව ආශාවට ඇති කැමැත්ත මින් අදහස් කෙරේ. මෙය පුද්ගල යටි සිතෙහි ඇතිවන චිත්තාවේග මත එකිනෙක පුද්ගලයින්ගේ යම් යම් හෝමෝන ක්‍රියාකාරීත්වයන්ට අනුරූපව සිතෙහි තෙරපෙන ආශාවන්ගෙන් උද්දීපනය වනු ලබන එක්තරා ලි...